පාසල් සිසු මරුවෙක් නල්ලතන්නියෙන් අල්ලයි


වතුකරයේ පාසල් සිසුන් අතර බෙදා හැරීමට රැගෙන යමින් තිබු බවට සැකකර රුපියල් ලක්ෂ 10කට අධික විදි වටිනාකමක් ඇති මත් කුඩු ටින් 7773ක් සැකකරුවකු සමග අත් අඩංගුවට ගත්බව නල්ලතන්නි විශේෂ පොලිස් කාර්ය බලකාය කියයි. පාසල් දරුවන් ඉලක්ක කර මෙම මත්ද්‍රව්‍ය බෙදා හරින බවට ලැබූණු තොරතුරක් මත සිදු කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුව ගත්තේය. සැකකරු හැටන් මහේස්ත්‍රාත්වරය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.