රංජන් කස්තුරි
පාසල්වල තෙවැනි වාරය අවසන් වීමට ආසන්නව ඇතත් තවමත් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි බෙදා දීමේ කටයුතු අවසන් වී නැතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ගය පවසයි.
ලබන 2019 වසර සඳහා පෙළපොත් 39714000ක් මුද්‍රණය කර ඇතත් ඒවා බෙදා දීමේ කටයුතු ප්‍රමාද වී ඇති බවත් රටේ පවතින දේශපාලන ව්‍යාකූලත්වය ඊට හේතු වී ඇති බවත් පැවසේ.
පාසල් සිසුන් අතර බෙදා දීම සඳහා අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කර ඇති පෙළ පොත්වල හිටපු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ පණිවුඩයක් සඳහන් වී තිබීම නිසා ඒවා බෙදාදීම පිළිබඳව තීරණයක් ගැනීමට ප්‍රමාද වූ බවද අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර පාසල් සිසුන්ට 2019 වසරේ සිට නිල ඇඳුම් රෙදි ලබාදීමට රජය තීරණය කර තිබෙන නමුත් එම රෙදි ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇතැයිද පැවසේ.