පාසල් රග්බි කී‍්‍රඩකයන්ගේ ගැටුමෙන් අට දෙනෙක් රෝහලේ


වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී අද (27) පස්වරුවේ පැවැති තරගයේදී දෙපිලේ ක‍්‍රීඩකයන් අතර ඇති වූ ගැටුමේදී තුවාල ලැබූ ක‍්‍රීඩකයන් අට දෙනකු මහනුවර මහ රෝහලට ඇතුළත්කර තිබේ.

මහනුවර මහ රෝහල් පොලිසියෙන් මේ පිළිබඳව කළ විමසුමකදී එහි නිලධාරියකු පැවසුවේ පාසල් දෙකේම ක‍්‍රීඩකයන් සිවුදෙනකු බැගින් රෝහල්ගතව සිටින බවත් මේ පිළිබඳව පාසල් දෙකෙන්ම පැමිණිලි කර ඇති බවත්ය.