පාසල් යන වයසේ දරුවන් පාසල් නොයවා නිවසේ රඳවාගෙන සිටියහොත් එම මව්පියන්ට එරෙහිව නීතීමය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.
1 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමටද එහිදී පියවර ගැනීමට නියමිතය.
අධ්‍යාපන අයිතිය දරුවන්ට අහිමි කරමින් දරුවන් නිවසේ තබාගෙන සිටින මව්පියන් සිටී නම් ඒ පිළිබඳව සොයා බලා නඩු පැවරීම සඳහා රජයට අයිතියක් ඇති බවද සඳහන් කළ අමාත්‍යවරිය මේ සම්බන්ධ අදාල කටයුතු කඩිනමන් ක්‍රියාත්මක කරන බවද පැවසුවාය.
(36698)