ප‍්‍රධාන පෙළේ පාසැල් අතර පැවැත්වෙන මහා ක‍්‍රිකට් තරඟ (බිග් මැච්) තහනම් කිරිමට වහා පියවර ගන්නැයි සිංගප්පූරුව හා ඇඹිලිපිටිය බෝධිරාජ පදනමේ අනුශාසක ඕමල්පේ සෝභිත හිමියෝ රජයෙන් ඉල්ලති.
ආනන්ද සහ නාලන්දා පාසල් දෙක මේ වන විටත් මහ මඟ දී ගැටුම් ඇති කරගෙන ඇති බැවින් ඔවුන්ට මෙවර ක‍්‍රීකට් තරඟය සහයෝගයෙන් පැවැත්විය නොහැකි වනු ඇතැයි කී ඕමල්පේ සෝභිත හිමියෝ එම ක‍්‍රීකට් තරඟය නැවැත්විය යුතු යැයි ද එය විදුහල්පතිවරුන් විසින් නොකරන්නේ නම් නීතිය මඟින් හෝ තහනම් කළ යුතු යැයි ද පවසති.
එහි වගකීම ඇත්තේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට යැයි ද උන්වහන්සේ කීහ. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවැති මාධ්‍ය හමුවක දී සෝභිත හිමියෝ මෙම ඉල්ලිම කළහ.

