පාසල් බස් වර්ජනයට නෑ


දකුණු පළාත් පාසල් බස් සහ වෑන් රථ සේවාව අද  සිදුුවන බව එම බස් සේවා සංගමේ සභාපති රුවන් ප්‍රසාද් කියයි. ගාල්ල මාතර හම්බන්තොට ආදී සියලු පෙදෙස්හී පාසැල් සිසුන් ප්‍රවාහන සේවය බාධාවකින් තොරව සිදුවන බව ඔහු කියයි.

අද මේ වසරේ අවසන් පාසල් දිනයයි. දෙසැම්බර් පාසල් නිවාඩුව අදින් පසු ක්‍රියාත්මක වන අතර සඳුදා (5) සිට අපොස සාමාන්‍ය පෙළ විභාගය ද පැවැත්වීමට නියමිතය.

බස් වර්ජනය හේතුවෙන් හෝමාගම පාසල්වල සිසුන්ගේ පැමිණීම අද බෙහෙවින් අඩුවී තිබූ බව විදුහල්පතිවරු කියති.