පාසල් ප්‍රවාහන සේවයට ජාතික පිළිගැනීමක් ඉල්ලමින් සමස්ථ ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය සංවිධානය කළ මැයි රැළියක් අද ගාල්ලේදී පැවැත්විණි. සුදු පැහැති ඇදුමින් සැරසුණු පාසල් ප්‍රවාහන සේවයේ නිරත 3000 ක පමණ පිරිසක් ගාල්ලේ නාවික හමුදා කඳවුර ඉදිරිපිට සිට පෙළපාලියකින් ගාල්ල නගරයට පැමිණ ක්‍රීඩා මණ්ඩපය ඉදිරිපිට දී රැළියක් පැවැත්වූහ. කිසිදු දේශපාලනඥයකු සහභාගී නොවූ මෙම මැයි රැළිය ලෝක කම්කරු ව්‍යාපාරයට ආදර්ශයක් බව ආරාධිත දේශනය කළ ගාල්ල නිල නොලත් මහේස්ත්‍රාත් ඒ.පී.ජී.සරත්චන්ද්‍ර මහතා කීවේය. ඒ.එච්.හරිස්චන්ද්‍ර මහතාගේ සභාපති ධූරය දරන මෙම සංගමයේ ලෙකම් වරයා ලෙස කිත්සිරි අමරසිංහ මහතා කටයුතු කරයි. එස්.එල්.සුමනසේකර ප්‍රමුඛ ගාල්ල ශාඛාව මෙම මැයි රැළිය සංවිධානය කැර තිබිණි.
පාසල් ප්‍රවාහන මැයි රැළිය ගාල්ලේ
Recommended Articles