පාසල් තෙවන වාරය හෙට ඇරැඹේ


(නිමල කොඩිතුවක්කු)

“2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය හෙට(18) ආරම්භ වේ.

මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරය ලබන 25 වන සඳුදා දින ආරම්භ වීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන වාරය සඳහා ඉකුත් 7 වැනිදා පාසල් නිවාඩු දෙනු ලැබීය.