පාසල් ගාස්තු නොගෙව්වාට සිසුන් 60 ක් විභාග ශාලාවෙන් දොට්ට


( චමිල් රුපසිංහ)
මහනුවර ප්‍රධාන පෙළේ පාසලක  සිසුන් 60 දෙනකු පමණ ‍පැසැල් සංවර්ධන සමිති මුදල් එකවර නො‍ගෙවීම හේතුවෙන් මෙවර වාර විභාගයට පෙනී සිටීමේ අවස්ථාව නොදීම නිසා සිසුන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි දෙමාපියෝ කියති.

ඊයේ සහ අද විභාග ප්‍රශ්න පත්‍ර බෙදන අවස්ථාවේ අදළ ගාස්තු නොගෙවීම නිසා සිසුන් 60 දෙනකුට පමණ පන්ති කාමර වලින් පිටතට යන ලෙස විද්‍යාලයේ බලධාරීන් දැනුම්දී තිබේ. මේ සම්බන්ධව මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම් විජයරත්න මහතාටද සිසුවකුගේ මාපියන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

දෙමාපියන් කළ පැමිණිල්ලට අනුව සංවර්ධන සමිතියට මුදල් නොගෙවීම හා විභාගය අතර සම්බන්ධතාවක් නොමැති බව බැවින්  අදාළ සිසුන්ට විභාගයට පෙනී සිටින්නට ඉඩ දෙන ලෙස විදුහල්පතිවරයාට ෆැක්ස් මගින් දැනුම් දුන් බවද  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ සිසුන්ගෙන් ‍පාසැල් සංවර්ධන සමිති මුදල් පමණක් ලබා ගන්නා බවත් වෙනත් කිසිදු මුදලක් පාසල් දරුවන්ගෙන් නොගන්නා බවත්ය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍ර ලේඛන වලට පටහැනි කිසිවක් සිදු නොකරන බැවින් ‍පාසැල් සංවර්ධන සමිති මුදල් පමනක් ඡනවාරි මාසයේ මුල ලබා දෙන ලෙසත් එයා ගෙවා ගැනීමට නොහැකි අය සිටිනවානම් ග්‍රාමසේවක සහතිකයක් සමග අභියාචනාවක් පංති භාර ගුරුතුමිය වෙත ලබා දෙන ලෙස සිසුන්ට පවසා සිටි බවත් විදුහල්පතිවරයා පැවැසිය.
එම මුදල් නොගෙවා විභාගයට පෙනි සිටින්නට කලින් දෙමාපියන්ට පංති බාර ගුරුතුමිය හමුවන ලෙස දන්වා සිටියත් සිසුන්ගේ දෙමාපියන් එලෙස නොපැමිනි බවත් පසුව දැනගන්නට ලැබුනේ ‍පාසල් සංවර්ධන සමිතියට ගෙවීම දෙමාපියන් විසින් ළමයින්ට දුන් මුදල් සිසුන් විසින් වියදම් කර ගත් නිසා මෙම ගැටලුව පැන නැගුනු බවත්ය.