පාසල් ක‍්‍රිකට් ලේකම්ධුරයට වැඩි ඡන්දයෙන් ඩිල්ෂාන්
ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමයේ (2012/13) නිලවරණයේදී ලේකම්ධූරයට වැඩි ඡන්ද 69 කින් දෙහිවල එස්. ද. එස්. ජයසිංහ විදුහලේ ක‍්‍රිකට් භාර ආචාර්ය, පළමු පෙළ විනිසුරුවරයකු ද වන ඩිල්ෂාන් ද සිල්වා මහතා පත්විය. කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පති ඞී. ඒ. ඞී. ධර්මසේන මහතා සභාපතිධුරයට නිතරගයෙන් පත්විය.

