පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 15 න් පහළ සහ 17 න් පහළ I සහ II වැනි කොටස්වල පළමු වටයේ තරග පැවැත්වීමේ කාලය වර්ෂාව හේතුවෙන් දින 10 කින් දීර්ඝ කර තිබේ. ඒ අනුව ජූලි මස 10 වැනිදා දක්වා තරග පැවැත්වීමේ අවස්ථාව හිමිවේ.
එම වයස් කාණ්ඩවල III වැනි කොටසේ තරග ජූලි මස 13 වැනිදා දක්වා පැවැත්විය හැකිය.
හැකි සෑම අවස්ථාවකදීම තරග කාලසටහනේ පිළිවෙලට තරග පැවැත්වීමට උත්සහ කළ යුතු බවත් පැවැත්වීමට නොහැකි වූ තරග පිළිබඳව මේ සතියේ පැවැත්වෙන තරගාවලි කමිටු රැස්වීමේදී තීරණයක් ගන්නා බවත් පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා පැවසීය.
(●●)