ශි‍්‍ර ලංකාවේ කාන්තා ක‍්‍රිකට් කී‍්‍රඩාව දියුණු කිරීමේ අරමුණින් ප‍්‍රථම වරට දිවයින පුරා 19 න් පහළ අන්තර් පාසල් කාන්තා කි‍්‍රකට් තරගාවලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සහයෝගයෙන් ශී‍්‍ර ලංකා පාසල් කි‍්‍රකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මේ වසරේ මාර්තු මසයේදී පැවැත්වීට නියමිතය. දැනට කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වන බාලිකා පාසල් අතර ඕවර 20 තරගාවලියක් ලෙසින් මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතය.
වයස අවුරුදු 13 ත් 19 ත් අතර වයස් කාණ්ඩ වල කී‍්‍රඩිකාවන්ට මෙම තරගාවලිය සඳහා සහභාගීවිය හැකි අතර ඒ සඳහා ඔවුන් පාසලේ විදුහල්පති වරයා හරහා තම අයදුම් පත් යොමුකල යුතුය. ලේකම්, ශී‍්‍ර ලංකා පාසල් කි‍්‍රකට් සංගමය, නො. 35, මේට්ලන්ඞ් පෙදෙස, කොළඹ 7 යන ලිපිනයට අයැදුම් පත් යොමු කිරීමෙන් මෙම තරගාවලිය සඳහා සහභාගී විය හැක.
ශි‍්‍ර ලංකාවේ කාන්තා ක‍්‍රිකට් කී‍්‍රඩාව නගාසිටුවීම සහ අනාගතයේදී ජාතික කාන්තා කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා විවිධ දක්ෂතා වලින් සමන්විත කී‍්‍රඩිකාවන් සොයාගැනීම මෙම තරගාවලියේ ප‍්‍රධාන අරමුණු බව පාසල් කි‍්‍රකට් සංගමයේ ලේකම් දිල්ෂාන් ද සිල්වා මහතා පවසයි.

