ශිෂ්‍යත්වය සමත් සිසුන් ඇතැම් ජනප්‍රිය පාසල්හි හය ශ්‍රේණියට ඇතුළු කිරීමේදී මුදල් අය කරතියි ගම්පහ දෙමාපියන් පිරිසක් චෝදනා කරති.
බස්නාහිර පළාතේ පාසලක ශිෂ්‍යත්වය සමත් සිසුන් හය ශ්‍රේණියට බාර ගැනීම සඳහා එවා ඇති ලිපියේ පහසුකම් හා සේවාගස්තු සහ පාසල් සංවර්ධන සමිති අරමුදලට අමතරව රුපියල් 4000ක් ගෙන එන ලෙස දන්වා ඇත. ඇතැම් පාසල්හි මීටත් වඩා වැඩි මුදලක් අය කරන බව දෙමාපියේ කියති.
පහසුකම් හා සේවා ගාස්තුව හා සංවර්ධන සමිති අරමුදල පමණක් අය කිරීමට අවසර ඇති අතර එම මුදල පාසලෙන් පාසලට වෙනස් වෙතියි කියති.
ගම්පහ එක් පාසලක ගාස්තුව මෙසේය.
පහසුකම් හා සේවා ගාස්තු - රුපියල් 60.00
පාසල් සංවර්ධන සමිති අරමුදල - රුපියල් 3.00
ආරක්ෂක ගාස්තු - රුපියල්120.00
ඇගයීම් -රුපියල් 150.00
ක්‍රීඩා - රුපියල් 150.00
ආගමික කටයුතු - රුපියල් 17.00
නව ව්‍යාපෘති - රුපියල් 4400.00
අනුමත වෙනත් - රුපියල් 100.00
ලංකා ගුරු සංගමය පැවසුවේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කළ 2008/37 චක්‍රලේඛයේ 2 සිට 11 ශ්‍රේණිය දක්වා ළමයින් ඇතුළු කර ගන්නා අන්දම දක්වා ඇති බවයි. එම චක්‍රලේඛයේ 6.0 වගන්තිය අනුව රජයේ පාසල් පාසල්වලට සිසුන් ඇතුළු කර ගැනීමේදී පහසුකම් හා සේවා ගාස්තු සහ පාසල් සංවර්ධන සමිති සාමාජික අරමුදලට අමතරව කිසිදු මුදලක් අය කළ නොහැකි බව දක්වා ඇති බව ද එම ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.
මුදල් ගෙන ඒමට යැයි බලපෑම් කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව ද, එවැනි අවස්ථාවල දැඩි ලෙස ක්‍රියාකරණ බව ද, පාසල් ප්‍රධානීන් හෝ පාසලට සම්බන්ධ සංවිධානයක් එලෙස මුදල් ගෙන ඒමට බලපෑම් නොකළ යුතු බව ද 2008/37 චක්‍රලේඛයේ සඳහන් බව කී ස්ටාලින් මහතා මුදල් ගෙන එන ලෙසට බලපෑම් කරන්නේ නම් වහාම ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය හෝ අල්ලස් කොමිසමට පැමිණිලි කළ යුතු බව ද ස්ටාලින් මහතා සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියකු කීවේ 2008/37 චක්‍රලේඛයේ 6.0 වගන්තියෙන් පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේදී අනවශ්‍ය ලෙස මුදල් අයකිරීම තහනම් කර ඇතුවා පමණක් නොව 2008/41චක්‍රලේඛයෙන් ද විවිධ ව්‍යාපෘති යැයි කියමින් මුදල් එකතු කිරීම තහනම් කර ඇති බවයි. චක්‍රලේඛ උල්ලංඝනය කරමින් මුදල් අය කරන්නේනම් වහාම ඒ ගැන අධ්‍යාපන අමාත්‍යංශය දැනුවත් කරන ලෙසද එම නිලධාරියා පැවසීය.

