ශ්‍රී ලංකා පාසල් ක්‍රිඩා සංගමයේ ලේකම් ඩිල්ෂාන්ද සිල්වා සංගමයේ උප සභාපති ජගත් සේනාරත්න මහතාගේ මවගේ මළ ගෙදරදී කරන්දෙනිය ලංකාදීප වාර්තාකරු සුසිල් ප්‍රියන්තට බැන වැදී පහර දෙන්නට උත්සාහ කළැයි අම්බලන්ගොඩ පොලීසියට පැමිණිලි කැර ඇත.
ගුරුවරයකු ද වන ඔහු බොහෝ පිරිසක් ඉදිරිපිට තමාගේ චරිතයට හානි වන අයුරින් තමා පසු එළැවු බවත් වාර්තාකරුගේ පැමිණිල්ලේ සඳහන් වේ.
පැමිණිල්ල විභාග කිරීමට පැමිණෙන ලෙස එම පුද්ගලයාට පොලීසියෙන් දැනුම් දී ඇත.

