පාසල් 13 ක් ළමයින් ගත් හැටි හොයයි


කොළඹ රාජකීය, ආනන්ද, නාලන්ද ඇතුළු ජනප්‍රිය පාසල්වලට පසුගිය වසර 3 සඳහා 1සිට 6 වසර දක්වා බඳවාගත් සිසුන් පිළිබඳ විස්තරත් 2013 වසරේ 5 වසර ශිෂ්‍යත්වයෙන් සමත්ව එම විදුහල්වලට බඳවාගනු ලැබූ සිසුන් පිළිබඳ විස්තර ලැයිස්තුවත් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය පාසල්වල විදුහල්පතිවරුන්ට නියෝග කළේය.

ලංකා ගුරු සංගමය සහ දෙමව්පියන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අධිකරණය මෙම නියෝගය නිකුත් කෙරිණි.