‘ගුරුවරයා දේශපාලනඥයාගේ මැති ඇමැතිවරුන්ගේ රූකඩ බවට පත් වෙනවානම් ඔහුට දරුවන් වෙනුවෙන් නිසි ආකාරයට අධ්‍යාපනය නගා සිටුවන්නට බැහැ.අද රටේ සියළු උසස් වීම් මාරු කිරීම් සියල්ල සිදු වන්නේ දේශපාලන හැදුනුම්කම් මතයි.මේ ක්‍රමය වෙනස් විය යුතුය යැයි කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියෝ පැවසුහ.
අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතා ලියු ‘ඉස්කෝලේ හන්දිය’ නම් කෘතිය පාසල් ප්‍රධානින්,අධ්‍යාපන පරිපාලන නිලධාරීන් සදහා පිළිගැන්වීමට නුගේගොඩ දී පැවති උත්සවයක් අමතමින් සෝභිත නා හිමියෝ එසේ කීහ.
සෝභිත නා හිමියන් පැවසුවේ පාසල දේශපාලන ඇගිලි ගැසීම්වලින් තොර ස්වාධින අයතනයක් වීම වඩාත්ම වැදගත් බවත් අධ්‍යාපනයේ නිවැරදි කළ යුතු තැන් වෙනුවෙන් අලුත් පරිච්චේදයක් ආරම්භ කැර නව නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස ග්‍රේරු මහතා රටේ ඇති කළ විශ්වාසය එලෙස ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බවත්ය.
මොහාන් ලාල් ග්‍රේරු මහතා මෙසේ කීවේය.
‘අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල ගැටළු තිබෙනවා එයට විසදුම් සෙවීම මසකින් දෙකකින් කළ හැකි දෙයක් නොවෙයි.එය ක්‍රමානුකූව කළ යුතුයි. ඒ අතර
විදුහල්වල කොදු නාරටිය වන් විදුහල්පතිවරුන්ගේ ආකල්ප වෙනස් කිරීමෙන් පාසල දරුවන් ජයග්‍රහණය කරා යොමු කළ හැකියි. එහිදී තමාගේ පාසල ජයග්‍රහණය කරා රැගෙන යාම එහීදී විදුහල්පතිවරුන්ට තිබෙන විශාලතම අභියෝගයක් වෙනවා.ඒ සදහා විශේෂ වැඩ පිළිවෙලක් සකස් කරනවා.අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය අපේ රටේ මෙන්ම දරුවන්ගේද අනාගතය යැයි මා සලකනවා.’
මෙහිදී අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මගින් සකස් කළ නව ප්‍රතිපත්ති යෝජනා මාලාව කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන්ට පිළිගැන්විය.