පාසලට නැමී තුබූ පොල් අත්තක ඉරටු ගලවමින් සිටි සිසුන් පිරිසකට එල්ල වූ ගල් පහරකින් එක් සිසුවකුගේ හිස පැලී ගලේවෙල රෝහලට ඇතුළු කළ බව ගලේවෙල මැදි විදුහල්පති සී බී හේරත් මහතා ගලේවෙල පොලිසියට පැමිණිලි කළේය.
ගල් පහර දුන් පුද්ගලයන් ගැන පොලිසියට තොරතුරු සපයා ඇතත් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බව පාසල් ආරංචි කියයි.