පාවහන් සමාගමේ ලොකාගේ අතේ පත්තු වූ ගේම


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ප්‍රසිද්ධ පාවහන් සමාගමක ආයතන ප්‍රධානියකුගේ නිවසේ ගේට්ටුවට වෙඩි තැබීමේ සිද්ධිය පැමිණිලිකරු විසින්ම රුපියල් ලක්ෂ 10 ක් ද කොන්ත්‍රාත්තුවක් මත සැලසුම් සහගතව සිදු කළ අපරාධයක් බවට අනාවරණය වීමෙන් අනතුරුව එම ප්‍රධානියා ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණු අපරාධ කොට්ඨාසය කියයි.

අත්අඩංගුවට පත් වූවන් අතර විනය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ හමුදා සෙබළකු , අත්අඩංගුවට ගත් ආයතන ප්‍රධානියාගේ රියැදුරන් දෙදෙනකු ද වන බව පොලිසිය කියයි.

එම වෙඩි තැබීමට යොදා ගත් ටි 56 ගිනි අවියක් මැගසින් 2 ක් සහ ජීව උණ්ඩ 64 ක් පොලිස් බාරයට ගෙන ඇත.

ඉකුත් මස 22 දින උදෑසන 5.30 ත් 6.00 ත් අතර වේලාවේදී යම් පිරිසක් නිවස ඉදිරිපිට ගේට්ටුවට වෙඩි තබා ඇති බවට සැකකාර ආයතන ප්‍රධානියා බොරැල්ල පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වූ සියලුම තොරතුරු කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වෙත ලබාදීමෙන් අනතුරුව පෙරළිකාර ආයතන ප්‍රධානියා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී එක දීමේ සියලුම තතු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී තිබිණි.

එහිදී පැමිණි සැකකරුවන් ටී 56 ගිනි අවි කින් වෙඩි ප්‍රහාර දෙකක් ගේට්ටුවට එල්ල කර තිබූ බවත් එමගින් කිසිවකුට ජීවිත හානි හෝ දේපළ හානියක් සිදුවී නොමැති බවට කෙල්ල පොලිසිය කළ සිදු කළ විමර්ශන සිදුකළ විමර්ශනවලදී අනාවරණය විය.

සැකකාර ආයතන ප්‍රධානියා තනතුර දරන සමාගම ඥාති සහෝදරයන් කිහිපදෙනකු අතර පාලනය වන අතර පැමිණිලිකරු විසින් යෝජිත විශේෂ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් එදිනම සවස පැවැත්වීමට නියමිත ව තිබී ඇති අතර ඊට යම් බලපෑමක් එල්ල කිරීම සඳහා මෙම වෙඩි තැබීම සැලසුම් සහගතව සැකකරු විසින් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඒ සඳහා සැකකරු ඔහුගේ රියදුරන් දෙදෙනාගේ සහාය ලබාගෙන හිටපු හමුදා මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය කියයි.

ඒ සදහා සැකකරු පොරොන්දු වූ රුපියල් ලක්ෂ 10 මුදලින් මේ වන විට රුපියල් 9,50,000 ක මුදලක් හමුදා සෙබළා සහ රියදුරන් දෙදෙනා වෙත ලබාදී තිබූ බවද විමර්ශන වලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.