පාලි භාෂා සම්මන්ත්‍රණයක් පේරාදෙණියේ


බෞද්ධ නොවන රටවල බුදුදහම පිළිබද ප්‍රබෝධයකින් එය වැළඳගනිමින් යන අවදියක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර පාලි භාෂා සම්මන්ත‍්‍රණයක් පැවැත්වීම පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලැබු ජයග්‍රහණයක් බව උප කුලපති මහාචාර්ය උපුල් බී දිසානායක මහතා පැවැසිය.

පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මූලිකත්වයෙන් විශ්වවිද්‍යාලයීය සනාතන මන්දිර සම්මන්ත‍්‍රණ ශාලාවේදී දෙවැනි වරටත් පැවැත්වු ජාත්‍යන්තර පාලි භාෂා සම්මන්ත‍්‍රණයේදී ඔහු එසේ කීවේය.

කලකට ඉහතදි විශ්ව විද්‍යාල අතුරින් පාළි භාෂාව හා බෞද්ධ අධ්‍යාපනය අතින්  ලෝකයේම විශ්ව කීර්තියට පත්ව තිබු බවත් එය ක්‍රමක් ක්‍රමයෙන් පහව ගොස් තිබියදි මැතකදි පෙර පරිදිම යථා තත්වයට ගැනීම සදහා පේරාදෙණි විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්‍ය මුවඇටගම ඥනානන්ද හිමියන්ගේ හා පාලි හා බෞද්ධ අධ්‍යන අංශයේ ආචාර්‍ය බමුණුගම ශාන්ත විමල හිමිවරුන් දරන උත්සාහය ද අගයන බව ඔහු කීය.

බුරුමයලතායිලන්තය වෙනි රටවල මෙවැනි සම්මන්ත්‍රන පැවැත්වුවද පාලි භාෂාවෙන්ම සම්මන්ත්‍රනයක් පවත්වන එකම රට ශ්‍රි ලංකාව විය හැකි බව මුවඇටගම ඥනානන්ද හිමියෝ කිහ.

මහාවිහාර වංශික ස්‍යාමොපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිිරි හිමියන්ගේ් සහභාගීත්වයෙන් පැවැත්වු මෙම සම්මන්ත‍්‍රණයේ විශේෂ ආරාධිත දේශනය සියම් මහානිකායේ  කෝට්ටේ ශි‍්‍ර කල්‍යාණි සාමග‍්‍රි ධර්ම මහා සංඝසභාවේ අනුනායක කොටපිටියේ ශි‍්‍ර රාහුල නාහිමියෝ සිදු කළහ.

වීඩියෝ - චමිල් රූපසිංහ