මාර්ග සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු නිහාල් සූරියාරච්චි මහතා අද පෙරවරුවේ මහාමාර්ග අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තේය.
දශක දෙකකට වැඩි කාලයක් රාජ්‍ය සහ ආයතන පරිපාලන අංශයේ අත්දැකීම් ඇති ඒ මහතා රාජ්‍ය සීනි සංස්ථාවේ හිටපු සභාපතිවරයා ද වේ. ඉදිරියේ දී මහජන සුභසාධනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව වැඩ භාර ගැනීමේ අවස්ථාවේ දී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේය.
කොළඹ සහ ප්‍රධාන නගර ආශ්‍රිතව දක්නට ඇති මාර්ග තදබදයට විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බව ද ඒ මහතා සඳහන් කළේය. එසේම, නව ව්‍යාපෘති පවත්වාගෙන යාමේ දී ගුණාත්මකභාවය ඉහළ නැංවීම හා ඒ එක එකක් වෙනුවෙන් වෙන් කරනු ලබන වියදම් කළමණාකරණය කිරීමට පියවර ගත යුතු බව ද නිහාල් සූරියාරච්චි මහතා කියා සිටියේය.





