පෞද්ගලික බස් නැතත් පාරේ දැඩි වාහන තදබදයක් පැවතියේය. ඊට හේතුව කාර්, වෑන් ඇතුළු පෞද්ගලික වාහන වලින් පාර පිරී තිබීම බව කියති.
වෙනදාට වඩා බොහෝ වාහන තදබදයක් පැවැති අතර බොහෝ බස් නැවතුම්පොළවල්ද හිස්ව තිබිණි.
ලංගම බස් රථ වැඩි වශයෙන් යොදවා තිබුණු අතර ඒවායේ සෙනග පීරි සිටියහ. දුම්රිය ද වෙනදාමෙන් ධාවනය වූ අතර ඒවායෙහි එතරම් සෙනගක් දක්නට නොවීය.
අද දහවල් වනවිට මගී පහසුව සලකා බලා නගරාසන්න දුම්රිය සේවයන් වැඩි කිරීමට ඉඩ ඇතැයි දුම්රිය ධාවන අධිකාරී විජය සමරසිංහ මහතා පැවසීය.
කොළඹ විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිට මහපාරේ ත්‍රී වීල් සිය ගණනක් නවතා තිබූ අතර ඔවුහු එක්ව ජනපති ලේකම් කාර්යාලයට විරෝධතා පෙළපාළියකින් ගමන් ගැනීමට නියමිතය.
ඡායාරූප - බුද්ධික කුමාරසිරි
ජායාරූප ඉෂංක සුනිමල්
ජායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ
පානදුර දුම්රිය ස්ථානය අවට








![DSC06927[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/DSC069271.png)
![DSC06943[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/DSC069431.png)
![DSC06948[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/DSC069481.png)
![DSC06970[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/DSC069701.png)
