පාරේ ආරවුලෙන් ප්‍රා මන්ත්‍රිනී රෝහලේ


කිරිවත්තුඩුව මූනමලේ පාරක ආරවුලක් සම්බන්ධයෙන් කහතුඩුව පොලීසියේ පැවති පරීක්ෂණයකට පැමිණි හෝමගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීලකාන්ති සමරවික්‍රම මහත්මියට පොලීසියේදී පහරදුන්නැයි සැකපිට සුබසිංහගේ රංජිත් නම් පුද්ගලයෙක් කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා විසින් ලබන 31 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

සැකකරු ද පාරේ ආරවුල සම්බන්ධයෙන් පොලීසියට පැමිණ සිටි අයෙකි.

මන්ත්‍රීවරිය රෝහල් ගත කරනු ලැබුවාය.