පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හසිත තිලකරත්න මහතා පත්කර ඇතැයි රජයේ ආරංචි කියයි.
තිලකරත්න මහතා මීට පෙර ලක්සල ආයතනයේ සභාපති හා ප්‍රධාන විධායක ලෙසද, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ලෙසද කටයුතු කර ඇති අතර රාජ්‍ය සේවයේ වසර ගණනාවක පළපුරුදු අත්දැකීම් සහිත අයෙකි.
මීට පෙර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ ආර්.එම්.කේ.රත්නායක මහතා ඉල්ලා අස්වීම නිසා මෙම පුරප්පාඩුව ඇතිවිය.

