
(බන්ධුල ඉලේපෙරුම)
පාර්ලිමේන්තුවට මාධ්‍යවේදීන්ට පැමිණීමට අවකාශ ලබානොදී ඇති පසුබිමට සජීවී විකාශයද අත්හිටුවා තිබීම පිළිබඳ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද(19) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
පාර්ලිමේන්තු සජීවී විකාශය අද දහවල් දිවා ආහාරයෙන් පසු අක්‍රියවී ඇති අතර අන්තර්ජාල විකාශයද ඇණහිට ඇතැයි ප්‍රශ්න කළ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සභාවේ මැති ඇමැතිවරුන් කථා කරන දේ මහජනයාට දැනගැනීමට නොලැබීම ගැටලුවක් බවද කියා සිටියේය.
සජීවී විකාශය ඇණහිට ඇත්තේ තාක්ෂණික දෝෂයක් නිසා බවත් ඒ පිළිබඳ තාක්ෂණික නිලධාරීන් කටයුතු කරමින් සිටින බවත් කථානායකවරයා එහිදී දන්වා සිටියේය.

