අද පාර්ලිමේන්තුවේ සභා මැදට පැමිණි එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කෑගල්ල එජාප මන්ත්‍රි සන්දීත් සමරසිංහ මහතාට පහර දුන්හ. ගැටුම සංසිදුවා ගත නොහැකි කළ කතානායක මිනිත්තු පහකට සභාව කල් තැබීය.
ගැටුම ඇරඹුණේ මෙසේය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව අඩු කළැයි දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රශ්නයක් මතු කළේය.
කතානායකවරයා පැවසුවේ ඒ ගැන සොයා බලන බවයි. ඒ සමඟම එකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරු පස්වරු 1.20 ට පමණ සභා ගැබ මැදට ආහ. ප්‍රසන්න රණවීර,එජාප මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම මහත්වරු ඒ අතර වුහ.
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා දිනේෂ් ගුණවර්ධන මහතාට පිළිතුරු දෙමින් කතා කරන්නට විය. “මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව දෙනවා. එතුමාට ආරක්ෂාව දිය යුතුයි. එතුමා නැත්නම් අපට ඡන්දය දිනන්ට බැහැ.” ඉන්පසු ඇමැති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කතා කළේය. මහින්ද රාජපක්ෂ සමයේ ඔහුට ලැබුණු ආරක්ෂාවේ තරම ඔහු විස්තර කළේය. “වෙල්විදානේ” යනුවෙන් කෑගසමින් විපක්ෂ මන්ත්‍රිවරු තව තවත් කෑ කෝ ගසන්නට වුහ. ප්‍රසන්න රණවීර හා පාලිත තෙවරප්පෙරුම යන මන්ත්‍රිවරු එකිනෙකාට අභීයෝග කර ගනිමින් ඉදිරියට එද්දී සන්දීත් සමරසිංහ මහතා මැදට පැමිණියේය. එකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරු පිරිසක් ඔහුට තඩි බාන්නට වුහ. කතානායකවරයා පස්වරු 1.35 ට රැස්විම කල් තබා අසුනින් නැගිට ගියේය.