පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි විය යුතුයි - ජනපති


 විනීතා එම් ගමගේ
 
පාර්ලිමේන්තුවේ කාර්යක්ෂමතාවය වැඩි වන්නටත් ඒ තුළ සංවර්ධන ඉලක්ක සම්පූර්ණවන්නටත් එහි කාන්තා නියෝජනය වැඩි කළ යුතුයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
 
අඩුම ගණනේ  60% ක් වත් කාන්තා නියෝජනය තිබෙනවා නම් පාර්ලිමේන්තුවේ කාර්යක්ෂමතාවය  වැඩිවනු ඇතැයි ද ජනාධිපතිවරයා කීය.
 
ජනගහනයෙන් 52%  කාන්තාවන් වන  බවත්  සාමාන්‍යයෙන් පිරිමින්ට වඩා කාන්තාවන්ගේ කාර්යක්ෂමතාවය වැඩි යැයි අදහසක් ඇති බවත් කී සිරිසේන මහතා ඒ අනුව කාන්තා නියෝජනය වැඩි විය යුතු යැයි ද පැවසීය. 
 
සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කිරීමට ඇති ක‍්‍රමය ලෙස තමන් විශ්වාස කරන්නේ කාන්තා නියෝජනය වැඩි කිරීම යැයි ද හෙතෙම සඳහන් කළේය.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ කොළඹ හිල්ටන් හෝටලයේ දී අද (17) ආරම්භ වූ අගැයුම් පිළිබඳ ප‍්‍රථම ගෝලීය සමුළුවේ සමාරම්භක සැසිය අමතමිනි. රටවල් රැසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා සිවිල් ක්‍රියාකාරින්ගේ සහභාගිත්වයෙන් ආරම්භ වූ මෙම තෙදින සමුළුව හිල්ටන් හෝටලයේ දී හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ.