පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහි පෙත්සම විභාගයට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක්


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිනු ලැබීමට  එරෙහිව ගොනු කළ පෙත්සම් සත් පුද්ගල  විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට අගවිනිසුරුවරයා තීරණය කර ඇත.

විනිසුරුවරුන් පහට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සළකා බලන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක මහාචාර්ය ජී.එල් .පීරිස් මහතා ඇතුළු පස් දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මෝසම සළකා බලමින් අගවිනිසුරු මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව අගවිනිසුරු නලින් පෙරේරා , ප්‍රසන්න ජයවර්ධන , ප්‍රියන්ත ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන මස 04, 05 ,06 යන දිනවලදී විභාගයට ගැනීමට නියමිතය .

එම විනිසුරු මඩුල්ල මෙසේය.

අගවිනිසුරු නලින් පෙරේරා , ප්‍රසන්න ජයවර්ධන , ප්‍රියන්ත ජයවර්ධන, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ, සිසිර ද අබෘෘ,මෘදු ප්‍රනාන්දු වේ.