පනත් කිහිපයක් සම්මත නොවීම ගැන ඒකාබද්ධ විපක්ෂය පලකළ විරෝධයක් නිසා ඒ ගැන තීරණයක් ගැනීමට පක්ෂ නායක රැස්වීමක් කැඳවීම සඳහා පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට කල් තැබීමට කථානායක කරූ ජයසූරිය මහතා තීරණය කළේය.
විශේෂ වෙළඳ භාණ්ඩ ආඥා පනත,රේගු ආඥා පනත හා සුරාබදු ආඥා පනත යන පනත් බදාදා(08) පාර්ලිමේන්තුවේදී විවාදයට බඳුන් වුවද නිසි ලෙස සම්මත නොවීය.

