පාර්ලිමේන්තුව යළිත් මාධ්‍යයයට විවෘත කරයි


( තිළිණි ද සිල්වා )
 
පාර්ලිමේන්තු රැස්වීම් මාධ්‍යයට ආවරණය කිරිම සදහා එක් මාධ්‍ය ආයතනයකින් මාධ්‍යවේදීන්දෙදෙනෙකුට අවසර ලබා දිමට තිරණය කළ බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (30) සදහන් කළේය.
 
මේ අනුව පාර්ලිමේන්තුව නැවත රැස්වන ලබන ජනවාරි 5 වැනිදා සිට පාර්ලිමේන්තු රැස්වීම් ආවරණය සදහා එක් මාධ්‍ය ආයතනයකින් එක් මාධ්‍යවේදියකු බැගින් පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුලත් කරගනු ඇති බවද ගුණවර්ධන මහතා කිවේය.
 
එක් මාධ්‍ය ආයතනයකට පාර්ලිමේන්තු අවසර පත් දෙකක් නිකුත් කරනු ලබන්නේ මෙලෙස එක් මාධ්‍යවේදීයකුට පාර්ලිමේන්තුවට පැමිණිමට නොහැකි වුවහොත් අවසර පත් හිමි අනෙක් මාධ්‍ය වේදියාට පැමිණිය හැකි වන බැවින් බවද හෙතෙම සදහන් කෙළේය.
 
කොවිඩ් 19 වසංගත තත්වය නිසා පාර්ලිමේන්තු රැස්වීමි ආවරණය සදහා මාධ්‍යවෙදින්ට ද තිබු අවසරය ඉකුත් ඔක්තෝබර් මස අග සිටදී තාවකාලිකව නවතා දමා තිබුණි.