පාර්ලිමේන්තුව දවසකින් දෙකකින් විසුරුවතියි දේශපාලන ආරංචි කියයි.
නව මැතිවරණ ක්‍රමය සඳහා වන 20 වැනි සංශෝධනය ඉදිරිපත් නොකරම පාර්ලිමේන්තුව විසිරැවෙන ලකුණු බොහෝ දුරට ඇතැයි දේශපාලන ආරංචි සඳහන් කරයි.
මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (19) රාත්‍රී වන තුරුම ජනපති ලේකම් කාර්යාලයයේ රැඳී සිටියේය.
පාර්ලිමේන්තුව විසිරැවීමෙන් පසුව මහ මැතිවරණය පැරණි ක්‍රමයටම පැවැත්වෙනු ඇත.
ජනවාරි අට වැනි දා ජනපතිවරණයෙන් ඡන්ද හැට දෙලක්ෂයක් ලබා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති පදවියට පත් කැරිණි.
ඔහු විසින් දෙන ලද මැතිවරණ පොරොන්දුවක් අනුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති පදවියට පත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් පිරිසකට ද ඇමැතිකම් පිරිනමා නව රජය පිහිටවීය. එහෙත් අගමැතිට ඇත්තේ සුළුතර බලයකි.

