පාර්ලිමේන්තුවට තේරී පත්වන සියලූ මන්ත‍්‍රීවරුන්ට ද්වි භාෂා නිපුණත්වය අනිවාර්ය කළ යුතු යැයි ජාතික සහජීවන ,සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂ්න් මහතා අද (20) කොළඹදී පැවසීය.
ද්වි භාෂීක හැකියාවක් නොමැති මැති ඇමතිවරුන්ට දකුණේ හෝ උතුරේ ජනතාව මුහුණපාන ගැටලූ වලට විසඳුම් ලබා දිය නොහැකි බවත් රටේ සියලූ ජනතාවගේ ප‍්‍රශ්න විසඳීමට ද්වි භාෂා නිපුණත්වය ලබාගැනීම සඳහා මැති ඇමතිවරුන්ට නීතියක් පැනවිය යුතු බවත් ගනේෂ්න් මහතා කීවේය.
‘‘ සිංහල ජනතාවගේ ප‍්‍රශ්න දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න කියා බෙදා වෙන්න කරන තාක් මෙරටේ කිසිදු ප‍්‍රශ්නයකට පිළිතුරු සෙවිය නොහැකියි. කොතරම් යහපත් දේවල් රටට කළත් උතුරේ අන්තවාදීන් උතුරේ ජනතාවටත් දකුණේ අන්තවාදීන් දකුණේ ජනතාවට වැරදි මතයක් ගෙන යාම කරනවා.“යැයි ඒ මහතා පැවසීය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ජාතික අන්තර් ආගමික සමුළුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.





