(චමිල් රූපසිංහ)
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති වසන්ත යාපා බණ්ඩාර මහතාට කොරෝනා-19 ආසාදනය වී ඇති බව තහවුරු වු බව මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ ඉහල නිලධාරියෙක් පැවැසීය.
වසන්ත යාපා බණ්ඩාර මහතා පසුගිය දා කළ පී සී ආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ඊයේ (24 ) රාත්‍රියේ ලැබී ඇති අතර ඒ බව තහවුරු වී තිබේ.
මන්ත්‍රීවරයා තෙල්දෙනිය නිරෝධායන මධ්‍යස්ථානයට හෝ කොග්ගල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා පැවැසීය.

