අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පෙළපාළියකින් පාර්ලිමේන්තුවට එතියි කියන කතාවත් සමඟ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය මාර්ග බාධක දමා වසා දැමූ බව පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය, කැරලිමර්දන පොලිසිය හා ජල ප්‍රහාරක රථ ද පාර්ලිමේන්තුව ඉදිරිපිට රඳවා ඇත.
අද පස්වරු තුන වන විට ශිෂ්‍ය පෙළපාළිය රාජගිරිය ආයුර්වේද හන්දිය පසුකරමින් සිටියේය.
සිසු අයිතිය සුරකින ඉල්ලීම් ව්‍යවස්ථා දායකයට ඉදිරිපත් කිරීම සඳහා එහි එන බව ඔවුහු කියති.

