දිවයිනේ මේ වන විට නැවත උද්ගතව පවතින කොවිඩ්-19 වසංගතය හමුවේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන වලට අනුකූලව කටයුතු කළ යුතු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේ දී අද (06) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.
ඒ අනුව පාර්ලිමේන්තුවට පැමිණීමේ දී හා එහි රැඳී සිටියදී සෞඛ්‍ය බලධාරීන්
දී ඇති උපදෙස් අනුව පනවා ඇති සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන තරයේ පිළිපදින ලෙසත්, පාර්ලිමේන්තුවෙන් පිටතදී කටයුතු කිරීමේදී ද, එම පිළිවෙත් අනුගමනය කරන ලෙසත් කථානායකවරයා මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේය.
අමුත්තන් පාර්ලිමේන්තුවට කැඳවීමෙන් වැළකී සිටින ලෙස මෙන්ම සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන වලට අනුකූලව අත්‍යවශ්‍ය රාජ්‍ය නිලධාරීන් පමණක් පාර්ලිමේන්තුවට කැඳවන ලෙසත් සියළුම අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙයට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, සෙසු හා අනුබද්ධිත කාර්ය මණ්ඩල, පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්, සැපයුම්කරුවන් හා සේවා සපයන්නන්, ආරක්ෂක අංශ වලට අයත් කාර්ය මණ්ඩල ඇතුළු පාර්ලිමේන්තුවට පැමිණෙන සියළුම දෙනා සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන අනුව කටයුතු කිරීම ද අත්‍යවශ්‍ය වන බවද කථානායකවරයා නිවේදනය කළේය.

