(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 වෙනුවෙන් බදු ලිපිගොනු විවෘත කිරීමට කටයුතු කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
එමෙන්ම දේශපාලනයට පිවිසෙන සියලු දෙනා වත්කම් බැරකම්වලට අමතරව බදු ලිපි ගොනුවක් ආරම්භ කළ යුතු බවට යෝජනාවක් ගෙන එන්නේ යැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා අමාත්‍ය කාර්ය මණ්ඩලවලට පිවිසෙන සාමාජිකයන්ද බදු ලිපිගොනු විවෘත කළ යුතු බව ප්‍රකාශ කළේය.
'රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් කුකුසක් ඇති වෙන්න දෙන්න බැහැ" යැයිද ඔහු පැවසුවේය.
සියඹලාපිටිය මහතා මෙසේ පැවසුවේ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය
ලබන අවුරුද්දේ ජනවාරි මාසයෙන් පසු අවුරුදු 18 ට වැඩි වැඩි සියලු සියලුදෙනාට බදු ලිපිගොනුවක් හඳුන්වා දෙන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ඉන් අදහස් වන්නේ සියලූ දෙනාගෙන් බදු ගැනීම නොවන බවද සඳහන් කළේය.
ආණ්ඩුව ජනතාවට මුදල් දෙන්නේද එම ලිපිගොනු හරහා බව ඔහු කීවේය.
බදු ගැන ඇහුවාම අද බොහෝ දෙනා බිය වන බවත් ඒ බියද නැති කළ යුතු බවත් සියඹලාපිටිය මහතා පැවසුවේය.

