පාරම්පරික නැටුමටත් උපාධිය


මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ මූලිකත්වයෙන් උඩරට පාරම්පරික නර්ථන හා ගායන හා වාදන උපාධි පාඨමාලාවක් මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහ නායක හිමිවරුන්ගේ මගපෙන්වීමෙන් ලබන අප්‍රේල් මස ඇරඹීමට සැලසුම් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් පැවැත්වූ බවත් දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා පැවසීය.

පාරම්පරික කලා ශිල්පය රැක ගනිමින් ශිල්පීන්ට වෘත්තීය ගරුත්වයක් ලබා දීම සඳහාත්, කලාව සඳහා යොමුවන නවක තරුණ තරුණියන්ට විධිමත් දැනුමක් ලබාදීමත් පාඨමාලාවේ අරමුණ බව දෑල මහතා කීවේය.

විද්වත් කලා ශිල්පීන් හා ප්‍රවීන නර්තනාචාර්යවරුන් සමග සාකච්ඡා කර විශය නිර්දේශ ඉදිරිපත් කරන බවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ අවසරය කඩිනමින් ලබාගැනීමට කටයුතු කරන බවත් දියවඩන නිලමේ වරයා පැවැසිය.

මුලික වශයෙන් මෙම වැඩසටහන සදහා දලදා මාලිගාව මගින් රුපියල් මිලියන 100 ක් වෙන් කරන බවත් පල්ලකැලේ ජාත්‍යන්තර බෞද්ධ ඇකැඩමියට අයත් පරිශ්‍රයේ ගොඩනැගිලි දෙකක් මේ සදහා ඉදි කරන බවත් ඒ සදහා ඉන්දියාව,ප්‍රංශය හා ජර්මනිය සමග සාකච්ඡා කර අරමුදල් ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔහු කීවේය.

MALIGA-1 MALIGA-2 MALIGA-3