පාරත් සමඟ නිවාස හතරක් කාසල්රී ජලාශයේ


 

 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

නායයාමට සක්‍රිය වි තිබු නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ හැටන් බගවන්තලාව බලංගොඩ මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ අඩි 100 පමණ කොටසක් සහ ඒ අසළ පිහිටි නිවාස හතරක් කාසල්රි ජලාශයට  ඇදී ගොස්  තිබේ.


 අද ( 15) උදෑසන 11.30 ට පමණ මෙය මෙලෙස  සිදු විය.


නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්වැලිගම ප්‍රදේශයේ ප්‍රධාන මර්ගයේ කොටසක් හා  නිවාස පහක් නායයාමේ අවධානමට සක්‍රිය විම හේතුවෙන් එහි පදිංචි පවුල්  5 කට අයත් සමාජිකයන් 23 දෙනෙකු ස්ථිරවම ඉවත්  කළේය.


අද (15) උදෑසන වන විට ප්‍රධාන මාර්ගය අඩි 10 පමණ ගිලා බැස තිබු අතර උදැසන 11.30 පමණ මාර්ගයට ඉහළින් වු  විශාල  පස් කන්දක් සමඟ ප්‍රධාන මාර්ගයේ විශාල කොටසක් හා නිවාස 4 ක් කාසල්රි ජලාශයට ඇදි ගොස්  තිබේ.

( රංජිත් රාජපක්ෂ )