පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය ආසන්නයේ දී මුල්ගල තැබූ කඩවත ඇල්දෙනිය ග්‍රාම සංවර්ධන මාවත මෙතෙක් සංවර්ධනය නොකළැයි ප්‍රදේශවාසීහු විරෝධය දැක්වූහ.
ගෝනහේනේ සෝමවර්ධනාරාමයට සහ පේමානන්ද මහා විද්‍යාලයයට යන්නේ ද මෙම මාර්ගයෙනි.
දේශපාලකයකුගේ ලේඛනයක සම්පූර්ණයෙන්ම සංවර්ධනය කළ හා අඩක් සංවර්ධනය කළ මාර්ග ලැයිස්තුවේ මේ මාර්ගය ද අට වැනි අංකයට ඇතත් පාරේ එළා ඇති වතුර බට ද මතුවන තරමටම පාර කැඩී ගොස් ඇතැයි ගම්වාසීහු කියති.



