ඉංගිරිය - බුලත්සිංහල ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වනල හල්වතුර එපිටවත්ත පාර සදා දෙන ලෙස ඉල්ලමින් හල්වතුර ශ්‍රී සුධර්මවර්ධනාරාමයේ කොස්ගොඩ සිරිධම්ම හිමියන් මෙහෙයවීමෙන් ගැමියෝ අද (26) විරෝධතා ව්‍යාපාරයක් ඇරැඹුහ.
මේ නිසා ඉංගිරිය බුලත්සිංහල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයද අද උදෑසන සිට සම්පුර්ණයෙන් අඩාල විය.
විරෝධතා පුවරු රැගත් උද්ඝෝෂකයයෝ පාර මැද වාඩි වී කෑ ගසමින් උද්ඝෝෂණයේ නිරත වූ අතර හල්වතුර කනිටු හා ඌරුගල ධර්මාලෝක විදුහල් පාසල් සිසුහුද ඊට එක්ව සිටියහ.