පාර හදා නුදුන්නාට පාර වසයි


කාපට්කරන බවට පවසමින් වසරක කාලයක් තිස්සේ ගල් පමණක් අතුරා කිලෝමීටරයක් පමණ කාපට් කිරීමට විරෝධය පා නිවිතිගල දෑල සිට වටාපොත දක්වා ඇති පැරණි කැලණිවැලි දුම්රිය මඟ දෙපස පදිංචිකරුවෝ වටපොත ගමේකන්ද මංසංධියේ පාර වසා දෑල හංදිය දක්වා විරෝධතා පාගමනකින් පැමිණ දෑල හංදියේ උද්ඝෝෂණයක් කළහ.