ගිරිබාව නිරාවිය සෝලෙ වැව මාර්ගයේ තාර ගැළවී දැඩි ලෙස අබලන් වී ඇතැයි කියමින් අද අලුයම පහේ සිට කොට දමා පාර හරස් කළ ගැමියෝ මහා සංඝරත්නය පෙරටු කරගෙන උද්ඝෝෂණයක් කළහ.
ඒ නිසා ගල්ගමුව දක්වා බස් ගමනාගමනය ද අවහිර විය.
මේ අතර මාතලේ කලුදෑවල සිට පාරාවත්ත පාර පිළිසකර කර දෙන බවට දුන් පොරොන්දුව මෙතෙක් ඉටු කර නැතැයි කියමින් කලුදෑවල භාවනා මධ්‍යස්ථානාධිපති බඹරකිරිඇල්ලේ සුමනරතන හිමි ඇතුළු ගම්වාසීහු කලුදෑවල පාළම අසළ උද්ඝෝෂණයක් පැවැත්වූහ.
(ගිරිබාව විරෝධය - ඡායාරූප සංජීව රත්නායක)
(මාතලේ කලුදෑවල උද්ඝෝෂණය - ඡායාරූප මහේෂ් කීර්තිරත්න)

