පාර හදන්න ප්‍රා සභාපති පොරොන්දු වෙයි


කැලණිය ප්‍රාදේශිය සභාව අසල ඇති මාර්ගය අවුරුදු පහකින්වත් සංවර්ධනය නොකළැයි කැලණිය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එච්.එම්.චන්ද්‍රසේකර අද (23) ප්‍රාදේශිය සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ඇරැඹීය.

මාර්ගය සංවර්ධනය කිරීම ගැන විටින් විට නිලධාරින් දැනුම්වත් කළත් මෙතෙක් නිසි පිළිතුරක් නොලැබුන බවද ඔහු කීවේය.

කැලණිය ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා එම ස්ථානයට පැමිණ දෙසැම්බර් 31ට පෙර මර්ගය සංවර්ධනය කරන බවට පොරොන්දු වීමෙන් පසු සත්‍යග්‍රහය නැවැත්විය.

2195-- 2206--