පාර හදන්න පදිංචි කරුවෝ ආදර්ශයක් දෙති


( දොඩන්දූව - සංඛ විජේසූරිය ) - රත්ගම - දොඩන්ගොඩ මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ එහි පළමු අදියර ආරම්භ විය.  මේ යටතේ රත්ගම සිට දෙහිගස්හංදිය දක්වා කිලෝ මීටර් දෙකක ප්‍රමාණයක මාර්ගය දෙපස ගොඩනැගිලි කඩා ඉවත්කර කාපට් අතුරා සකස් කිරීමට නියමිතය.

කැඩූ ගොඩනැගිලි යළි සාදා දීමට රුපියල් කෝටි එකහමාරක් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියෙන්ද,  මාර්ගය නවීකරණයට රුපියල් හාර කෝටි හතලිස් ලක්ෂයක් සහ කාපට් ඇතිරීමට රුපියල් කෝටි තුනක් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් ද ලබාදී තිබේ.

මේ අනුව මෙම පළමු අදියර සදහා රුපියල් කෝටි අටහමාරක් වැය කෙරෙනු ඇත. මෙම මාර්ගය දෙපස දේපල අහිමිවන්නන් ස්වේච්ඡාවෙන්ම වන්දියක් ලබා නොගෙන ඒවා කැඩීමට අවසර දී තිබේ. එම කැඩෙන දේපළ සාදා දීමට පමණක් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කර  තිබේ.