පාපැදි පුහුණුකරු සිමන්ස් කී‍්‍රඩා ඇමතිගෙන් මිලියන 3ක් ඉල්ලයි


පාපැදි පුහුණුකරුවකු වන පී. ඇන්තනී සිමන්ස් මහතා ජාතික පාපැදි පුහුණුකරුධූරය තමන්ට ලබාදීමට දිගින් දිගටම වළක්වා ඇතැයි කියමින් ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ.

ඒ වෙනුවෙන් තමන්ට වන්දි වශයෙන් කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගෙන් රුපියල් මිලියන තුනක මුදලක් අයකර දෙන ලෙසද ඔහු එම පැමිණිල්ලෙන් මානව හිමිකම් කොමිෂන් සභාවෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.
කි‍්‍රඩා ඇමතිවරයා ඇතුඵව කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි, හිටපු කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකු වන මිල්ටන් අමරසිංහ හා කී‍්‍රඩා අමාත්‍යංශයේ හිටපු ලේඛම්වරයෙකු වන එස්. ලියනගම මහතා යන මහත්ම මහත්මීන් එම පැමිණිල්ලේ වග උත්තරකරුවන් කර තිබේ.

වසර 2005 දී ජාතික පාපැදි පුහුණුකරු ධූරය තේරීමේදී නීති රෙගුලාසිවලට පටහැනිව උපාලි රත්නායක මහතා එම ධූරයට තෝරා ගැනීම එන්. කරුනාරත්න මහතාගේ බලපෑම් මත පාපැදි කී‍්‍රඩාවට කිසිදු සමබන්ධයක් නැතැයි කියන ඔහු තෝරා ගැනීම වසර 2012 දී පැවති ජාතික පාපැදි පුහුනුකරු සම්මුඛ පරීක්‍ෂණයට කී‍්‍රඩා අමාත්‍යංශයේ ලියාපදිංචිවී තිබියදී තමන් නොකැදවීම, 1997-2000 කාල සීමාවේදී පුහුණුවීම් මෙහෙයවීමෙන් තමන්ට අයවිය යුතු රුපියල් 75000 කට අධික මුදල අයකර දෙන ලෙසද සිමන්ස් මහතා පැමිණිල්ලෙන් දක්වා තිබේ. නිහාල් කුලසේකර, ජයලත් අපෝන්සු හා ලෙස්ලි රූපසිංහ යන මහත්වරු පාමිණිල්ලේ සාක්‍ෂිකරුවන් ලෙස දක්වා තිබේ.