පාප් වහන්සේ අද (15) උදෑසන පිලිපිනය බලා යාමට පෙර මීගමුව බෝලවලාන ‘සොළොස්වන බෙනඩික්ට් සුදතුම් පිය සංස්කෘතික ආයතනයේ නව දෙව් මැඳුර ආසිරි ගැන්වුහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු ඇතුළු කතෝලික සභාවේ පුජා ප්‍රසාදින් වහන්සේලා ද මැති ඇමැතිවරු මේ අවස්ථාවට එක් වුහ.
පාප් වහන්සේ දැක බලා ගැනීමට මීගමුව ප්‍රදේශවාසිහු රැසක් මග දෙපස රැස්ව සිටියහ.
නව දෙව් මැඳුර සහ සංස්කෘතික මධ්‍යස්ථානය ඉඳි කිරීමට සඳහා දායක වු ශ්‍රී ලංකා නාවික හමුදාවේ භටයන් සමඟ සමූහ ඡායාරූපයකට එක් වීමටද පාප්තුමෝ අමතක නොකළහ.
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා
ඡායාරූප - සුදත් සිල්වා



















