පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට වාසි සහගත ලෙස රජය භාවිතා කරන හෙයින් එම සංචාරය කල් දමන්නැයි කියමින් මෙරට ඉහළ පෙළේ රෝමානු කතෝලික පුජකවරුන් කිහිප දෙනකු හා කතෝලිකයන් පිරිසක් වතිකානුවෙන් ඉල්ලීමක් කැර ඇතැයි ‘නිව්යෝර්ක් ටයිම්ස්‘ පුවත්පත වාර්තා කර තිබේ.
එම වාර්තාවේ සඳහන් වන්නේ කතෝලික පුවත්පතක් වන ‘මැසෙන්ජර්‘ පුවත්පතේ හිටපු සංස්කාරකවරයකු වන හෙක්ටර් වෙල්ගම්පොල කියා සිටින්නේ මැතිවරණය සඳහා ප්‍රදර්ශනය කැර ඇති ඇතැමි කටවුට්,මැතිවරණ පුවරු වලින් පාප් වහන්සේ මහින්ද රාජපක්ෂ මහතාට යළි ජනපති වීමට ආශිර්වාද කර ඇති බව විදහා දැක්වෙන බවයි.
පාප් වහන්සේගේ සංචාරය සිදු වීමට පෙර ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම කතෝලික ජනතාව වේදනාවට ලක් කළ බවත්,මහත් මැතිවරණය සඳහා ප්‍රදර්ශනය කැර ඇති ඇතැම් කටවුට් වලින් ජනපති මහින්ද රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මිය වතිකානයේදී පාප් වහන්සේ මුණගැසුණු අවස්ථාවද ඇතැම් පුවරුවල දකින්නට ලැබෙන බව වෙල්ගම්පොළ මහතා කියා ඇතැයි ‘නිව්යෝර්ක් ටයිම්ස් ‘ වාර්තාවේ සඳහන්වේ.
එසේම කතෝලික සභාවේ බැතිමතුන් පිළිබද අධ්‍යක්ෂ ලියෝ පෙරේරා අග රද ගුරු වෙත ලිපියක් ලියමින් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය දේශපාලනීකරණය වී ඇති බව හා මැතිවරණයෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය තත්ත්වයක් බව පෙන්වා දී තිබේ.
මේ නිසා මෙවන් වාතාවරණයක පාප් වහන්සේගේ පැමිණිම ආරක්ෂාවට මෙන්ම උන්වහන්සේගේ ප්‍රතිරූපයටද හානියක් යැයි පෙන්වා දී ඇතැයි ‘නිව්යෝර්ක් ටයිම්ස්‘ වාර්තාවේ දැක්වේ.

