පාප්තුමාගේ ලංකා ගමන හරි


අතිඋතුම් දෙවැනි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ දිවයිනට පැමිණෙන දිනයේ වෙනසක් සිදුනොවන බව ශ්‍රී ලංකා කතෝලික සභාව නිවේදනය කර සිටී.

උන්වහන්සේ ජනවාරි මස 13 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.

පාප් වහන්සේගේ ලංකා ගමනයේ සංවිධාන කටයුතු භාරව කටයුතු කරන  සිරිල් ගාමිණී පියතුමා පවසන්නේ පෙර නියම කරගත් පරිදි පාප්තුමා දිවයිනට පැමිණෙනු ඇත බවයි.

ජනවාරියේ සිදුවන පාප්වහනසේගේ සංචාරය හා එම මසම පැවැත්වීමට දින යොදා ඇති ජනාධිපතිවරණය අතර ඝට්ඨනයක් ඇතිවනු ඇත්දැයි මීට පෙර මත පළවී තිබුණි.

කතෝලික සභාව මුල සිටිම දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටියේ පාප්වහන්සේගේ සංචාරය දේශපාලන අතකොළුවක් ලෙස භාවිතා නොකරන ලෙසයි.