පාප්තුමා බලන්න ලක්ෂ පහක් මඩු එති


දිනාගත් සංහිදියාව සියලූම ශීලාංකිකයින් එක්වී රැකගන්නා ලෙස ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ මන්නාරම මරඳමඩු දේවස්ථානයේදී පැවසූහ. පාප්තුමා එහිදී දිව්‍ය පූජාවක් පැවැත්වූහ.

ලක්‍ෂ පහකට ආසන්න පිරිසක් එහි වූහ.

වතිකානු නියෝජිතයින් 15 දෙනෙකු සමග පාප් වහන්සේ මන්නාරමට පැමිණියේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයකිනි. රායප්පු ජෝෂප් මන්නාරම රදගුරුතුමා මරඳමඩු දේවස්ථානයේදී පාප්තුමා පිළිගත්හ.

සවස 4.00ට විශේෂ දේව මෙහෙය පැවත්විමෙන් අනතුරුව පාප්තුමෝ විවෘත රථයක නැගී මරඳමඩු දේවස්ථාන භූමියේ ගමන් ගනිමින් වයසක පිරිස් සහ කුඩා දරුවන්ට පෞද්ගලිකවම ආශිර්වාද කිරීම සිදු කළහ.

 ‘‘මඩු ශුද්ද භූමිය සෑම වන්දනා කරුවෙකුටම තමන්ගේ නිවසයි මෙම සිද්ධස්ථානය මරියතුමිය තම පුතනුවන් වූ ජේසුස් වහන්සේ සමීපයට අප ගෙන යනවා මේ භූමියේදී සිංහල, දමිළ සියල්ලෝම එකම ශී‍්‍ර ලාංකික පවුලක් ඔවුන් මරිය තුමියට තම සතුට වේදනාව බලාපොරොත්තු හා ප‍්‍රාර්ථනයන් මෙහිදී ඔප්පු කරනවා ශ‍්‍රී ලංකාවේ හදවත රිදවූ දීර්ඝකාලීනව පැවති යුද්දයේදී පීඩාවට පත් වූ පවුල් මෙතන සිටිනවා පසුගිය වකවානුව තුළ රුධිරය ගලා ගිය ඒ වියවුලේදී උතුරේද දකුණේද බොහෝ දෙනා මිය ගියා මේ භූමියේ සිදු වු ඒ කනගාටුදායක දේ ශ‍්‍රීලාංකික කිසිවෙකුටත් අමතක කළහැකි දේ නොවෙයි ශ‍්‍රීලංකාවේ මුල්ම කතෝලිකයින් විසින් මෙතෙනට ගෙන එන ලද මඩු මාතාවන්ගේ ප‍්‍රතිමාව මඩු ශුද්ද භූමියෙන් පිටතට ගෙන යාමද එදා සිදු වූවා එහෙත් මඩු මෑණියෝ සාමයෙන් ජීවත් වීමට සිහින මැවූ විපතට පත් සැම පවුලක් සමගම සැම නිවසක් තුලම වැඩ සිටියා අතීතයේ හා වර්ථමානයේ පැමිණෙන නපුරෙන් රැකගන්නා මඩු දේව මෑණියොන්ට අද අපි තුති පුදමු’’

112 DSC08519 DSC08526 DSC08537 DSC08568 DSC08616