ලබන 13 වැනි අඟහරුවාදා ශ්‍රී ලංකාවට සැපත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පිළිගැනීම සඳහා අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටුනායක යෑමට නියමිතය.
පාප් වහන්සේට ඇරියුම් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද කටුනායක දී පාප් වහන්සේට ආචාර දැක්වීමට ඇරියුම් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා ඔහුට දැනුම් දුන්නේය.

