පාප්තුමා තෝරන්න කාදිනල්වරු වතිකානුවේ


රෝමානු කතෝලික සභාවේ නිල නායකයා හෙවත් පාප් තුමා තෝරා ගැනීම සඳහා වන නිලවරණය හෙට (12* පස්වරුවේදී වතිකානුවේ සිස්ටයින් දෙව් මැදුරේදී පැවැත්වීමට නියමිත බව කොළඹ අගරදගුරු පදවි මාධ්‍ය ප‍්‍රකාශක බෙනඩික්ට් ජෝශප් පියතුමා කියයි.
වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ හෙට (12* පෙරවරුවේදී සිදු කරන විශේෂ දේව මෙහෙයකින් අනතුරුව නිලවරණය පැවැත්වේ. ලොව පුරා සිටින කතෝලික සභාවේ කාදිනල්වරු 115 දෙනෙක් ඊට සහභාගි වෙති.  මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාද එහි සාමාජිකයෙකි. නව පාප්තුමා තෝරාගත් බවට සිස්ටයින් දෙව් මැදුරේ දුම් කවුළුවෙන් දුම්රොටුවක් අහසට මුදා හැරීම සම්ප‍්‍රදායයි. 16 වැනි බෙන්ඩික්ට් පාප්තුමා ඉල්ලා අස්වීම නිසා මේ ධූරයේ පාඩුව ඇතිවිය.